Oshadi Hewamadduma and her baby son's latest story

ඕෂධී හේවාමද්දුම මේ දිනවල අප හමුවට  එන්නේ “අපේක්ෂා” ටෙලි නාට්‍යයේ  ‘නතාලියා’ ගේ චරිතය තුළින්.  මතෛක්  කල් ඈ රඟපෑ චරිත දිහා බලද්දී  නතාලියාගෙ චරිතය වෙනස් එකක්.  ඕෂධී යළි රංගනයට එකතු වුණේ කාලෙකට පසුව. ඊට හේතුව පසුගිය කාලය ඇය මවක් වීම සඳහා තාවකාලිකව රඟපෑමෙන් දුරස් වී සිටීම.

  දැන් ඕෂධිගෙයි  ප්‍රදීප්ගෙයි කැදැල්ලට පුංචි පුතෙක් එකතු වෙලා. ඒ වගේම ඕෂධීලා පසුගිය කා‍ලේ  අලුත්  නිවසක පදිංචියටත්  ගියා. ඕෂධී ගැන මේ අලුත් ආරංචි  ඔක්කොම  ඇගෙන් අහල වැඩි තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

මුලින්ම අපි ඕෂධීගෙ කැදැල්ලට ආපු අලුත් අමුත්තා ගැන කථා කරමු......


Read More ->>

Upeksha Swarnamali Speak about Money Fraud Case

කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා.

 ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා.

 මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.


Read More ->>

Jagath Chamila wins best actor award in New York


ඊයේ (20) පැවති අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස ජගත් චමිල සම්මානයට  පාත්‍රවී තිබේ.

අප රටේ රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය යයි සැලකෙයි.



කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “සැමීගේ කතාව”(sam’s story) නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාච්චි ’සැමීගේ කතාව’ නමින් නිමානය කල සිනමාපටයේ  ’සැමීගේ’ චරිතය සඳහා ජගත් චමිලට මෙම සම්මානය හිමිව ඇත.


Read More ->>

LTTE Tigers on Cardiff grounds!


 අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන්  ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී  කොටි කොඩි රැගෙන දෙදෙනකු ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමට සිදුවිය.


Read More ->>

Nipunika Hewagamage Latest Interview

 ඔබ නිපුණිකා හේවාගමගේව හඳුනනවාද? දෙරණ නාලිකාවේ අද හොඳම දවස සහ ජීවිතයට ෆෙන්ෂුයි යන වැඩසටහන් මෙහෙයවන්නිය ඇයයි. එමෙන්ම දූවරු ටෙලි සිතුවම හරහා රංගනයට පිවිසි ඕ දැන් රංගන ශිල්පිනියක ද වී හමාරයි.

නිපුණි කොහොමද කලාවට එන්නේ?

අපොස උසස් පෙළ අවසන් කළ වහාම යාළුවකුගේ මාර්ගයෙන් ප්‍රයිම් රේඩියෝවට සම්බන්ධ වෙලා ඉංග්‍රිසි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. ඒ නිවේදනයට තිබුණු ආසාවට වසරක් පමණ එහි වැඩ කරලා 2011 ටී. වී. දෙරණට බැඳෙනවා.


Read More ->>

Duminda Silva back in Parliament


කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වසර එකහමාරක නිවාඩුවකින් පසුව පාර්ලිමේන්තුවට පැමිණියේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 11 වැනි සැකකරු වන්නේ දුමින්ද සිල්වා ය.

2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදි වෙඩි ප්‍රහාරයකට ලක් වී අසනීප තත්ත්වයෙන් මෙරට හා විදේශ රෝහල්වල ප්‍රතිකාර ගැනිම නිසා එම කාලයේ ඔහු පාර්ලිමේන්තුවෙන් නිවාඩු ලබා ගෙන තිබුණි.

Read More ->>

"Kapruka.com" Caught for illegal liquor trade

 ලෝකයේ විවිධ රටවල හොර ජාවාරම්කරුවන් සමග සම්බන්ධව මෙම විදේශීය මත්පැන් තීරුබදු රහිතව හොර පාරෙන් මෙරටට ගෙන්වා ගෙන  අන්තර්ජාලය හරහා ඒවා රට පුරා බෙදා හැරියේ යයි කිරුළපන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කප්රුක නම් ව්‍යාපාරික ආයතනය වටලා සැකකරුවන් දෙදෙනෙක් සමග දේශීය හා විදේශීය නිෂ්පාදිත මත්පැන්  බෝතල් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ  සුරාබදු වැටලීම් ඒකකය කියයි.

සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය වැටලීම සිදුකර ඇති අතර  අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ කිරිබත්ගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Read More ->>

DIG Vass Gunawardena has taken bribes from LTTE

බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත. 

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණය හමුවේ මෙම සිද්ධීන් පිළිබඳවද පරීක්‍ෂණ පවත්වන බවට කරුණු වාර්තා කොට තිබිණ.

Read More ->>

Sanath Gunathilaka Speaks about His Love affairs

 තනිකමට, පාළුවට අපි කොච්චර බයද? මුළු ජීවිතයම තනියෙන් ජීවත් වෙන්න වුණොත්...., ඒ ගැන හිතන්නවත් අපි කැමැති නෑ. ජීවිතයේ අපිට දැනෙන මේ තනිකම්, පාළුව තවමත් තනිකඩව ඉන්න තරු වලට කොහොම දැනෙනවා ඇතිද?


අද ඉඳන් 'තනිතරුව' වෙන්වෙන්නේ ඒ හැඟීම් ගැන කතා කරන තනි
තරුවලට. මුළින්ම අපි සනත් ගුණතිලකට
ඉඩ දෙන්න හිතුවා.


• ආදරය පිළිබඳ ඔබේ මුල්ම අත්දැකීම මොකක්ද?


සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙලා ඉන්න කාලෙ මගේ නංගි ලලනිගෙ මිතුරියකට තමයි මම මුලින්ම ආදරය කළේ. මාස හයක් වගේ කාලයක් තමයි ඒ ආදරය පැවැතුණේ. නමුත් ඉතා මතක හිටින දේවල් සිද්ධ වුණා. ගෙවල්වලින් අපට බාධක ආවා. ඒත් අමාරුවෙන් ලිපි හුවමාරුත් කළා.
ඒ දවස්වල කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ශාලාවේදී මිල්ටන් මල්ලවආරච්චි ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වුවා 'සුපර් සවුන්ඩ්' නමින්. අපේ ගුරුවරුන් හා ළමයි ඒ ප්‍රසංගය නරඹන්න ගියා. මගේ පෙම්වන්තියත්, මාත් හොරෙන් ගියා. 'සිහිනෙන් ඔබ මට' ගීතය මිල්ටන් අයියා ලස්සනට ගායනා කරද්දී ඇය ගල් ගැසී ශ්‍රවණය කළ හැටි මට මතකයි. 'අවසර නැත' ගීතය ගයද්දී තව ගෑනු ළමයි දෙන්නෙක් කලන්තෙ දාල වැටුණා.

Read More ->>

Jiah Khan's final suicide letter

හැම මරණයකටම ඒතරම් ලොකු වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඒත් ඇගේ මරණය මුළුමහත් ලෝකයටම පුදුමයක් වුණා. ඇගේ මරණය ඉන්දියානුවන්ට තරම්ම අපිටත් වැදගත් වුණා. ඇත්තමයි අපිත් ඒ ආරංචියෙන් කම්පනයට පත්වුණා. බොලිවුඩ් සිනමාවට පායපු පුංචි තාරකාවිය මේ තරම්ම ඉක්මනින්ම නිවිලා යයි කියලා කවුරුවත්ම හිතුවේ නෑ. ඒත් ඇය තීරණය කරලා තිබුණා බොලිවුඩයෙන් විතරක් නෙවෙයි ජීවිතයෙන්ම සමුගන්න.


සමහරවිට ඇය හිතන්නවත් නැතිව ඇති මේ තරම් රසික රසිකාවියන් පිරිසක් ඇයත් සමඟ ඉන්නවා කියලා. "ජියා ඛාන් සියදිවි නසාගෙන" කාටවත්ම විශ්වාස කරන්න බැරි මේ ආරංචිය අන්තර්ජාලයෙන් එතෙර මෙතෙර සැරිසරද්දී ඇයට ආදරය කරපු කවුරුවත්ම මේ ආරංචිය විශ්වාස කරන්න සූදානම් වුණේ නෑ.


"මොනවා ජියා ඛාන්ට මොකද වුණේ....? ඔය ප්‍රවෘත්තිය ඇත්තක්ද.......? මට අදහාගන්නවත් බෑ....." ජියාගේ හදිසි වියෝව ආරංචි වුණ අමිතාබ් භච්චන් හැසිරුණේ ඒ තරම් ව්‍යාකූලව.

Read More ->>

Anusha Rajapaksha Latest Interview



අනූෂා රාජපක්ෂ. රුව දුට පමණින්ම හඳුනන ඇය අපේ කලා ලොවට නව නාමයක් නොවේ. ටෙලි නාට්‍ය කිහිපයකම කැපී පෙනෙන චරිත රඟපෑ අනූෂා පෙම්බරයාණෝ, නයිිට් ලර්නර්ස් වැනි ටෙලි නාට්‍ය හරහා තම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කර ගත්තියකි. මේ දිනවල විකාශය වන සත්‍යා හි ප්‍රධාන චරිතයකට පණ පොවන අනූෂා නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛව වැජඹෙයි. මේ අනුූෂා සමඟ කළ කතාබහකි.

* අලුත් කටයුතුවලින් අරඹමු.
මේ දිනවල දිව්‍යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සඳහා දායක වෙනවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ පළමු ටෙලි නාට්‍යයේ චරිතයකටත් පසුගිය දිනවල දායක වුණා.
ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.

* ස්වර චිත්‍රපටය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.
ඔව්. තවම ‘ස්වර’ තිරගත වුණේ නැහැ. ඒ චරිතය (විහාරා) ඉතාමත් වෙනස් චරිතයක්. මේ චරිතය සමාජය කොහොම පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ. නමුත් නීටා ප්‍රනාන්දු වගේ සම්මානීය කෙනකු දායක වූ නිර්මාණයක් නිසා කිසිවකුත් මගේ චරිතය දෙස වපර ඇසින් බලන එකක් නැහැ. ඒ චරිතයට මා තේරුණේ අහඹු ලෙස. ඒ වෙනුවෙන් නීටා ප්‍රනාන්දු මහත්මියට වගේම යොලන්ඩා මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. එවැනි දැවැන්ත නිර්මාණයකට දායකවීමට ලැබීම වාසනාවක්.

Read More ->>

DIG Vass threatened CID officers


“මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” 



යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මේ පරීක්‍ෂණය සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට දැඩි උස් හන් තර්ජනය කළැයි රහස් පොලිසිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ. මේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පුටුව පසෙකට තල්ලු කර දැඩි උස් ස්වරයෙන් විමර්ශන නිලධාරීන්ට ජීවිත අනතුරක තර්ජන එල්ල කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වේ.

Read More ->>

Dasun madushan Speak about His Sirasa Super Star Win

ඔහු සෙමින් පාසල් බිමේ ඇවිද යයි. ඒ මුවින් ගීතයක් ද මුමුණමිනි. ඔහුගේ සිතෙහි සප්තස්වර කැටයම් කළා මෙන් තැන්පත්ව ඇත. ඔහු ඒ තරමටම සංගීතයට ලැදිය.

හදිසියේම තම එකම අයියණ්ඩිය වන කසුන් මධුසංඛ සිරස සුපිරි තරු සොයා යෑමේ සිව් වැනි අදියරේ පෑ දස්කම් ඔහුට සිහි විය.
අයියේ, මටත් සුපර් ස්ටාර් යන්න ඕන.
කඩිමුඩියේ නිවසට ගිය ඔහු කසුන් අසලට පැමිණ කීවේය. ඒ වන විටත් අපේ කථා නායකයා මොරටුව වේල්ස් කුමර විදුහලේ නවවැනි වසරේ ශිෂ්‍යයෙකි.

‘මුලින් ඉගෙන ගන්න’ යැයි මලයණ්ඩිට නොකී කසුන් ඉගෙන ගන්න ගමන් සංගීතයත් මනාව ප්‍රගුණ කරන්නැයි අවවාද කළේය. ඔහු සුපිරි තරු සොයා යාමේ පස්වැනි අදියරට තම අතින්ම සැකසූ අයැදුම් පත්‍රයක්, දසුන් වෙනුවෙන් තැපැල් කළේය. මේ යවන්නේ ඊළඟ සුපිරි තරුවගේ අයැදුම්පත බව ඔහු නොසිතන්නට ඇත.

මේ කතාව මෙතැනින් වෙනත් මගකට මම ගෙන යමි. ඉතිරිය පවසන්නේ ඔහුගේ වචනවලිනි. සිරස සුපිරි තරු සොයා යාමේ පස්වැනි අදියරේ සුපිරි තරුව රත්මලානේ දසුන් මධුශාන් මේ කතාවේ නායකයාය.


Read More ->>

Amila nadishani 's Latest News

සිරස සුපර් ස්ටාර් මාවත ඔස්සේ ගායන ලෝකයට එකතු වූ අමිලා නදීෂානි අද වන විට සංදර්ශන වේදිකාව තුළ නැතිවම බැරි ගායිකාවක්. මේ ළඟදී ඇය අලුත්ම ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ වගේම වෙනත් ගායිකාවන්ගේ ගීතයන් නව සංගීතයට ගායනා කළ හින්දම දෝෂදර්ශනයට ලක් වුණා.

පසුගිය කා‍ලේ ව්‍යාපාරිකාවක් විදියට ජීවිතයේ නව පිටුවක් ඇරඹූ අමිලා ළඟදී තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළා.



Read More ->>

ICC apologies to SLC for playing a Hindi song

මේ දිනවල එංගලන්තයේදී පැවත්වෙන ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය ක‍්‍රීඩාංගනයට ගෙන එන අවස්ථාවේදී පසුබිමින් හින්දි ගීතයක් වාදනය වීම ගැන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත කණගාටුව පල කර ඇත.


Read More ->>